වාහනහිමියන්ට හා මහජනතාවට විශේෂ දැනුම්දීමක් . . .

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එනම්, අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් 070 350 0525‬ යන වට්ස්ඇප් දුරකථන අංකය මඟින් දැනුම් දෙන ලෙසයි.

විශේෂයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වනවා. සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. මෙහිදී අසමත් වන වාහන දින 14 ක කාලයක් තුළ වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යොමුකර අදාළ පරීක්ෂාවන් සිදුකර නොගන්නේ නම් එම අදායම් බලපත්‍ර ආසදු ලේඛන ගත කරන බව ඔහු සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.ජී. දසුන් ජනකද එක්ව සිටියේය. පසුගිය වසර කිහිපය තුළ සිදුකළ නිරීක්ෂණවලින් දුම් පිටකරන වාහන ප්‍රමාණය වැඩි වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දුම් පරීක්ෂණයෙන් අසමත් වන වාහන සඳහා පළමු නියෝගය අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ නැත්නම් සිහිකැඳවීමක් කරන බවත් එයටත් අනුගත නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයට අදායම් බලපත්‍රය ගත නොහැකි වන අයුරින් අසාදු ලේඛන ගත කරන බව ඔහු කියාසිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුඛෝපභෝගී වාහනවල මිල ඉහළට . . .

Thu Mar 9 , 2023
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල උච්ඡාවචනය වීම හේතුවෙන් සුඛෝපභෝගී වාහනවල මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කියා සිටියේ, පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් වාහන මිල දී ගැනීම ද පහත ගොස් ඇති බව යි. මේ අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අද (09) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x