දෙමව්පියන්ට රජයේ පාසල් එපාවේ . . .

රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කරයි. කොළඹ රාජකීය විදුහලේ ද පළමු වසරට දරුවන් ඇතුලත් කිරීම සඳහා මීට පෙර අයදුම්පත් 1500 ක් පමණ ලැබුණද මෙවර ලැබී ඇත්තේ අයදුම්පත් 500 ක් පමණ බව ද ඔහු පැවසීය.

හොරණ ප්‍රදේශයේ දී ජනප්‍රිය පාසල් කිහිපයක් සඳහා පළමු වසරට ලැබී ඇති අයදුම්පත් ප්‍රමාණය පහළ බැස ඇති බව ද ඔහු සදහන් කරයි. දෙමව්පියන් දරුවන් බොහෝ පිරිසක් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට ඇති බව හෙතෙම පැවසීය. මෙරට අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් මවුපියන් තුළ ඇති විශ්වාසය බිඳවැටීම මීට හේතුව බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙරට අධ්‍යාපන ක්‍රමය සමග චින්තන විප්ලවයක් ඇති කළ යුතු බවත් බවද එසේ නොමැතිව සිස්ටම් චේන්ජ් කිරීමට නොහැකි බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාලිමා අපේක්‍ෂකයා අත්අඩංගුවට . . .

Thu Mar 9 , 2023
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x