ගෝඨාභය මරලා මහින්ද ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මරාදමා රට අරාජික කිරීමේ ඇමරිකානු කුමන්ත්‍රණයක් තිබු බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.  මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ, යූටියුබ් නාලිකාවක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනුයි.

ඒ අනුව ලිබියාවේ තත්වයට ලංකාව ඇදලා දාලා කතානායක මහින්ද යාපා අබේවර්ධනව ජනාධිපති කරන්න ඇමරිකානුවෝ සාකච්චා කර ඇති බවද ඔහු විසින් අවධාරණය කළා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර, “මෙරට අධිවේගී මාර්ග වහල ලංකාව ඇතුලට හාවේ සීඅයිඒ නියෝජිතයෝ. මානසික යුද්ධයක් කරලා පෙන්නුවේ. ඇමෙරිකානු තානාපතිනිය ගෝඨාභය රවට්ටගෙන හිටියේ. ගෝඨාභය ආණ්ඩුව විනාශ කරන්න තැනට ගෙනිච්චෙ පී බී ජයසුන්දර, ලලිත් වීරතුංග. ගෝඨාභය වැඩ කරේ ඒගොල්ලොන්ට ඕන විදියට. ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙත් මිලින්ද මොරගොඩ කතා කරේ සර් කියලා. රනිල් ජනාධිපති කිරීම මේ ගොල්ලොන්ගේ ප්ලෑන් B ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ලාව ඇමරිකානු තානාපතිනිය විසින් බය කරේ යුධ අපරාද ප්‍රශ්නය ඉදිරියට ගෙනව කියලා.born again කියන්නෙත් සීඅයිඒ ටූල් එකක්”.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසර 4කට පසු කැලයෙන් එළියට ආ LTTE බුද්ධි අංශ සාමාජිකයා . . .

Fri Mar 10 , 2023
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු මඩකලපුවේ පට්ටිපලෙයි තණ්ඩමාලෙයි මහ කැළයේ ගල් ගුහාවක ජීවත් වෙමින් සිටියදී හමු වී තිබෙනවා. ඔහු එම ගල් ගුහාවේ වසර හතරකට වැඩි කාලයක් ජීවත් සිට ඇති බවයි ප්‍රජාතත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසන්නේ. ඔහු එහි දී වැඩි වශයෙන් කැලෑ පළතුරු අනුභව කරමින් ඔහු කල් ගෙවා ඇති බව‍යි සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x