විරෝධතාකරුවන්ට රජයේ රැකියා නෑ . . .

රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. එවැනි විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන් හඳුනාගෙන ඔවුන් ගැන රජය මින් ඉදිරියට වාර්තාවක් පවත්වා ගෙන යාමට කටයුතු කරන්නේ යැයි ද එම ප්‍රකාශකයා කීය.

මෙකී වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කර එවන් පුද්ගලයන් ඉදිරියේදී රජයේ රැකියා සඳහා අයැදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන් සේ සැලකීමට පදනම් ලේඛනයක් කරගන්නේ යැයි ඔහු කීවේ ය.

රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට බඳවා ගැනීමේදී රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්දැයි පොලිස් හා ග්‍රාම නිලධාරි වාර්තා ලබා ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන නමුත් උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබා දීමේදී මෙවැනි දේ කෙරෙහි විශේෂ අවධානයක් මේ වෙන තුරු යොමු නොකළේ යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

එහෙත් මින් ඉදිරියට එය විශේෂ සුදුසුකමක් හෝ නුසුදුසුකමක් ලෙස තීරණාත්මක වනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

– Mawbima

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනය සොයා බලයි . . .

Fri Mar 10 , 2023
එළඹෙන උත්සව සමය වෙනුවෙන් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම සදහා බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනය කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ. මේ වන විට වෙළෙඳපළට බිත්තර පවුඩර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x