වසර 4කට පසු කැලයෙන් එළියට ආ LTTE බුද්ධි අංශ සාමාජිකයා . . .

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු මඩකලපුවේ පට්ටිපලෙයි තණ්ඩමාලෙයි මහ කැළයේ ගල් ගුහාවක ජීවත් වෙමින් සිටියදී හමු වී තිබෙනවා. ඔහු එම ගල් ගුහාවේ වසර හතරකට වැඩි කාලයක් ජීවත් සිට ඇති බවයි ප්‍රජාතත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසන්නේ.

ඔහු එහි දී වැඩි වශයෙන් කැලෑ පළතුරු අනුභව කරමින් ඔහු කල් ගෙවා ඇති බව‍යි සඳහන් වන්නේ. එමෙන්ම අදාල පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේ දී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලද බවත් ඔහු මඩකලපුව පළාතේ බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවත් වාර්තා වෙනවා.

මීට වසර කිහිපයකට පෙර මොහු නිවසින් අතුරුදහන් වීමෙන් පසුව ඔහුගේ ඥාතින් විසින් ඔහු පිළිබදව සොයා බලා ඇතත් ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබී නොමැති අතර ඔවුන් ඔහු සෙවීම අත්හැර දමා තිබෙනවා.

මහ කැළයට ගිය පුද්ගලයෙකු ඔහුව දැක තොරතුරු හෙළි කිරීමෙන් පසුව ඔහුව ගිලන් රථයකින් මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල පහළට . . .

Fri Mar 10 , 2023
ප්‍රමාද වූ නව විදුලි සම්බන්දතා 36,000 ක් සති 6 ක් තුළ ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ පැවති අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමට එක් වෙමින්. QR කේතයට අනුව ක්‍රියාත්මක ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම අඟහරුවාදාට වෙනස් කළේ සෙනසුරාදා සහ ඉරිදා ඛනිජ තෙල් සේවකයින්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x