දැරියකගේ මොළයෙන් නූපන් නිවුන් කලලයක් හමුවෙයි . . .

වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිද්ධියක් චීනයෙන් වාර්තා වෙනවා. මෙය අනාවරණ වී තිබුණේ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මන්දගාමීවීම සහ හිස විශාලවීම හේතුවෙන් සිදුකළ පර්යේෂණයකින්.

නිරන්තර රුධිර සැපයීම හේතුවෙන් කළලය තුළ ජීවය පැවතිය ද එහි වර්ධනයක් සිදුවී නොමැති අතර වෛද්‍යවරුන් මෙය අර්ථ දක්වන්නේ කලලයක් තුළ තවත් කලලයක් තැන්පත් වන දුර්ලභ අවස්ථාවක් ලෙසයි. මෙය පරපෝශිත නිවුන් තත්ත්වයක් ලෙස ද හැඳින්විය හැකි අතර ගැබ් ගැනීම ආරම්භයේ දී මෙය සිදුවන බව වර්තාවල සඳහන්. මෙවැනි තත්ත්වය හටගැනීමට හේතුව වන්නේ, ශුක්‍රාණු සහ ඩිම්බ සංසේචනයෙන් පසු සෑදෙන සෛල නිසි ලෙස වෙන්වීමට අපොහොසත් වීම හේතුවෙන්.

ඒ සමඟ අනෙකුත් කලල මුල් කලලය තුළ තැන්පත් වන අතර එහි වර්ධනයක් සිදු වන්නේ නැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙරට මත්පැන් සමාගම් වසා දමයි . . .

Sat Mar 11 , 2023
මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සමහර මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි. ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x