මාර්තු මස 15 වනදා ගුරු – විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, 15 වනදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවා “ආණ්ඩුවේ පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය” නමින් වූ එක්දින වැඩ වර්ජනයක් සංවිධානය කර […]

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් ඇමති පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතවම ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජුව තීරණයක් ගැනීමට නොහැකි බවත් ඒ සඳහා […]

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කර දෙන බවද අමාත්‍යවරයා කීය. චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන […]

නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු රැලියට සහභාගී විය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර තිබුණි. අද රැලියට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව අතරින් පැමිණියේ මෙසේය.

පසුගිය පාලන සමයේදී වරිග සභාවේ සාටකයින් පස් දෙනෙක් ඇමැති මණ්ඩලයේ සිටිමින් නාටක පහක් රඟ දැක්වීමෙන් ජනතා අපේක්ෂාවන් බිඳී ගිය බවත් එම නාටකම රට දරුණු ආර්ථික අර්බුදයක් කරා තල්ලු කර දැමීමට හේතු වූ බවත් පා.ම. විමල් වීරවංශ පවසයි. ඔහු මේ බව පවසා සිටියේ නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව […]

  ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්‍රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි. ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ […]

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට […]

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම්වල සේවකයන් 4200ක් පමණ සේවය කරති. ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සීයයක් හොඳටම ප්‍රමාණවත් යැයි පසුගියදා […]

විදේශගත වීම සඳහා 10 දින රාත‍්‍රියේ කටුනායක ගුවන් තොටුපළට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විදේශ ගත වීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ. අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පවසමින් ඔහුගේ විදෙස් ගමන අවලංගු කර ඇත. නමුත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.