පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් ඇමති පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතවම ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජුව තීරණයක් ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් ඇමතිගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් ඇමතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව නිමල් ජී. පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කරයි.