සිපෙට්කෝ සේවකයන් 3700 දොට්ට . . .

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම්වල සේවකයන් 4200ක් පමණ සේවය කරති.

ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සීයයක් හොඳටම ප්‍රමාණවත් යැයි පසුගියදා පැවති සාකච්ඡාවක දී නිලධාරින් විසින් රජයට පවසා තිබේ. ඒ අනුව අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැනීම සඳහා ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතව ඇත.

දැනට විශාල වශයෙන් ලාබ ලබමින් මෙරට තෙල් වෙළදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේද සේවකයන් සිටින්නේද සීයක් පමණ පිරිසක් බවද එම නිලධාරියා පැවැසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාසල්රි ජලාශයේ ජල මට්ටම පහලට . . .

Sun Mar 12 , 2023
මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x