පොහොර මිල අඩු කිරීමට තීරණයක් . . .

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කර දෙන බවද අමාත්‍යවරයා කීය.

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අගුනකොළපැලැස්ස ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැස්ව සිටි ගොවි ජනතාව හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳව කරුණු විමසීය.

TSP හෙවත් මඩ පොහොර හෙක්ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 55ක් බැගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන අතර එම නිර්දේශ ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දෙන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම බන්ඩි පොහොර මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් එම පොහොර මිල ද රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඡන්දෙට සල්ලි කොමිසම ජනපතිගෙන් ලිඛිතවම ඉල්ලයි . . .

Sun Mar 12 , 2023
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් ඇමති පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතවම ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජුව තීරණයක් ගැනීමට නොහැකි බවත් ඒ සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x