මහින්දානන්ද ගුවන් තොටුපළෙන් හරවා එවයි . . .

විදේශගත වීම සඳහා 10 දින රාත‍්‍රියේ කටුනායක ගුවන් තොටුපළට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විදේශ ගත වීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ. අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පවසමින් ඔහුගේ විදෙස් ගමන අවලංගු කර ඇත.

නමුත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා නැති බවයි. මේ පිළිබඳව මන්ත්‍රීවරයා විසින් ආගමන විගමන පාලකවරයා ව දැනුවත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර තිබේ.

දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙවන් වරදක් වන්නට ඉඩ ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් ආගමන විගමන පාලකවරයා පැවසීය. පරීක්ෂණයෙන් නිමාවන තෙක් සිදු වීම හා සම්බන්ධ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර දත්ත පද්ධතිය නිවැරදි කිරීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේට විදේශගතවීම සඳහා අවසර ලබාදී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිපෙට්කෝ සේවකයන් 3700 දොට්ට . . .

Sun Mar 12 , 2023
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රතිව්‍යුහගත කරන වැඩපිලිවෙල යටතේ එහි සේවකයන් 3700 ආසන්න පිරිසකට රැකියා අහිමි වනු ඇති බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. දැනට තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම්වල සේවකයන් 4200ක් පමණ සේවය කරති. ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සීයයක් හොඳටම ප්‍රමාණවත් යැයි පසුගියදා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x