පිටකොන්දක් තිබෙනවා නම් ඡන්දෙන් එන්න . . .

පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ජනතාව ඔවුන්ට කැමතියැයි කිව නොහැකි බවත්, වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් නිසා ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය යුතු බවත් අගරදගුරුතුමෝ කීහ. එවිට රට දිය යුත්තේ කාටදැයි ජනතාවට තීරණය කළ හැකි බවද කාදිනල්තුමෝ සඳහන් කළහ. ඇතැමුන් පිටුපස දොරෙන් පැමිණ ජනතාවගෙන් නොඅසා සියල්ල වෙනස් කරන බව කී කොළඹ අගරදගුරුමෝ මෙරට කුමන හෝ සම්පතක් විදේශයකට දෙන්නේ නම් ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් අගරදගුරුතුමෝ පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ, බොරැල්ල, අගරදගුරුමැදුරේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. වත්මන් නායකයන් රට ඉතා දුක්බරිත තැනකට ගෙනැවිත් ඇති බවත්, ඔවුන් පාර්ලිමේන්තුවේ හිනාවුණාට ජනතාව සතුටින් සිටින බව කිව කිව නොහැකි යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය තමන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කතානායකවරයාගෙන් ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය මෙන්ම ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

  • ඩයනා උදයංගනී
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අයියාගේ ඉල්ලීම ඉටුවී, මල්ලි තර්සටන් එනවා . . .

Mon Mar 13 , 2023
තමන්ගේ නොවුණත් තමන්ගේ හදවතට වඩාත සමීප වූ පුංචි රන්දිය දහසකුත් බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන සදහටම අපෙන් නික්ම ගිහින්. රන්දිය කියන්නේ, තර්ස්ටන් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කලාවට මෙන්ම ඉගෙනීමට බොහෝ දක්ෂතා තිබූ දරුවෙකි. හිටි හැටියේම අසනීප වෙන රන්දිය දරුණු ගණයේ ලියුකේමියා රෝගී තත්ත්වකට මුහුණදීමට සිදුවුණා. ඒ නිසාවෙන් ම රන්දියට ඇති ජීවිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x