බිරියගේ නිරුවත් ඡායාරූප පෙන්නා ලක්‍ෂ 26ක් කප්පම් අරන් . . .

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප ඔහු ලබා ගෙන ඇත. සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල . . .

Mon Mar 13 , 2023
95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ (12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. මෙවර  ඔස්කා සම්මාන උළෙල මෙහෙයවීමේ කටයුතු ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහන් නිවේදකයකු වන ජිමී කිමෙල් වෙත භාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x