චාර්ල්ස් රජුගේ මුහුණ සහිත පළමු මුද්දර සමූහය නිකුත් කෙරේ . . .

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ මුහුණ සහිත පළමු විශේෂ මුද්දර සමූහය Royal Mail විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම මුද්දරවල දැක්වෙන්නේ, එරට ජනප්‍රිය මල් වර්ග කිහිපයකි.

චාර්ල්ස් බ්‍රිතාන්‍යයේ රජකමට පත්වීමෙන් පසු ඔහුගේ මුහුණේ අනුරුවක් යොදා මුද්‍රණය කරන ලද පළමු මුද්දර සමූහය මෙය යි. මීට පෙර 1968 වසරේ සිට බ්‍රිතාන්‍ය මුද්දරවල දක්නට ලැබුණේ එලිසබෙත් රැජිණගේ මුහුණේ අනුරුවකි.‍‍

Royal Mailහි ඩේවිඩ් ගෝල්ඩ් පවසන්නේ, චාර්ල්ස් රජු ගෙවතු වගාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නෙකු හෙයින් එය සිහි කිරීම සඳහා පළමු මුද්දර සමූහට ගෙවතු මල්වර්ග තෝරා ගත් බව ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000 ක් . . .

Tue Mar 14 , 2023
වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීන් තුන්දහසක පුරප්පාඩු පැවතීම හේතුවෙන් සිය රාජකාරි කටයුතු සිදු කර ගෙන යාමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සිලමන් ආරච්චි පැවසීය. පවතින පුරප්පාඩු හේතුවෙන් එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයකද වැඩබැලීමට සිදු වීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x