ජල සම්පාදනෙත් වර්ජනයට එක්වෙයි . . .

බදු ප්‍රතිපත්තිය ඇතුළු ආණ්ඩුවේ වැඩ පිළිවලට එරෙහිව සිදු කරන සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සියලුම කාර්යාල සේවා හා පාරිභෝගික සේවා වලින් ඉවත් වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අද (14) සිට පියවර ගෙන තිබේ.

ඒ අනුව බිඳවැටීම් අළුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාල වීමේ අවධානමක් පවතින බවත් එහි සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක පවසයි. එමෙන්ම මනු සටහන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, බිල්පත් අයකිරීම,නව ජල සම්බන්ධතා ලබා දීම සහ ජල සම්බන්ධතා විසන්ධි කිරීම සිදු නොවන අතර පොම්පාගාර කටයුතු පමණක් පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළේය.

සියලුම සේවකයන් අද දිනයේ වරුවක් සහ හෙට (15) දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් ඉවත්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඔහු පැවසීය. හෙට දිනයේ රත්මලාන ප්‍රධාන කාර්‍යාලයට රැස්වෙන ජල සම්පාදන සේවකයින් දහවල් 11.30 ට රත්මලාන ගොලුමඩම හන්දියේදී පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චාර්ල්ස් රජුගේ මුහුණ සහිත පළමු මුද්දර සමූහය නිකුත් කෙරේ . . .

Tue Mar 14 , 2023
බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුගේ මුහුණ සහිත පළමු විශේෂ මුද්දර සමූහය Royal Mail විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම මුද්දරවල දැක්වෙන්නේ, එරට ජනප්‍රිය මල් වර්ග කිහිපයකි. චාර්ල්ස් බ්‍රිතාන්‍යයේ රජකමට පත්වීමෙන් පසු ඔහුගේ මුහුණේ අනුරුවක් යොදා මුද්‍රණය කරන ලද පළමු මුද්දර සමූහය මෙය යි. මීට පෙර 1968 වසරේ සිට බ්‍රිතාන්‍ය මුද්දරවල දක්නට ලැබුණේ එලිසබෙත් රැජිණගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x