වසර තුනකට පසු චීනය විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කරයි . . .

වසර තුනකට පෙර කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථම වරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ඇරඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ලිහිල් කිරීම පැමිණෙන්නේ චීන රජය වෛරසයට එරෙහි සටන ජයග්‍රහණය කළ බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සහ එරට ආර්ථිකයට හානි කළ ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගයෙන් ඉවත් වීමෙන් පසුව බව එම වාර්තා සඳහන් කර ඇත. ඒ අනුව, 2020 මාර්තු 28 වන දින චීනය ලෝකයට සිය දොරගුළු වසා දැමීමට පෙර නිකුත් කරන ලද වලංගු වීසා මෙම වසරේ මාර්තු 15 වන දා සිට සංචාරකයින්ට භාවිත කර රටට ඇතුළු වීමට අවසර හිමි වේ.

මගී ප්‍රවාහන නෞකා මගින් හයිනාන් දූපතට සහ ෂැංහයි වෙත වීසා රහිතව ප්‍රවේශ වීමට ද යළි අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. හොංකොං සහ මැකාවු සිට පැමිණෙන සංචාරක කණ්ඩායම්වලට වීසා රහිත ඇතුළු වීමට අවසර ලැබෙන අතර විදේශයන්හි චීන කොන්සියුලර් කාර්යාල ද වීසා අයැදුම් පත් සැකසීම නැවත ආරම්භ කරනු තිබේ.

කොවිඩ් මැඩලීම සඳහා පනවා තිබූ අවසන් සීමාව වූ දේශසීමා වසා තැබීම ඉවත් කිරීම පශ්චාත් වසංගත චීනයේ සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරන අතර සියලු ම වෙනස්කම් මාර්තු 15 වන දා සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේශීය සංචාරකයන්ට තහනම් නිදහස් චතුරශ්‍රය . . .

Tue Mar 14 , 2023
කොළඹ 7, පිහිටි නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය දේශීය සංචාරකයන්ට අද (14) දිනයේ ඇතුළත්වීම තහනම් කර ඇති බවත් විදේශ සංචාරකයන්ට පමණක් ඇතුළත් වියහැකි බවත් පොලිසිය අද (14) පස්වරුවේ පැවසීය.   දේශීය සංචාරකයන් අද දිනයේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ඇතුල්වීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවසරය ගතයුතු බව කී පොලිසිය එසේ නොමැතිව ශ්‍රී ලාංකිකයන් කිසිවෙක්ට අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x