පාසල් සිසුවෙකු තුන්වෙනි තට්ටුවෙන් බිමට පනී . . .

යාපනය හින්දු විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (13) දින පාසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි තට්ටුවෙන් බිමට පැන සියදිවි හානිකරගැනීමට ගත් උත්සහයකදී බරපතල තත්වයෙන් අසාද්‍යව රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

අදාල පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තටට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලීමෙන් බිමට වැටීම හේතුවෙන් සිසුවාගේ ජීවිතය බේරී ඇත. කෙසේ වෙතත් බිමට වැටුනු සිසුවා බරපතලව අසාද්‍ය තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට සිසුදරුවන් ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇති අතර සිසුවාගේ තත්වය බරපතල බවටද රෝහල් වෛද්‍යවරුන් පැවසීය.

මෙම පාසල් සිසුවා සියදිවි හානිකර ගැනීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතරම සිසුවා ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම පරිඝණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීමෙන් දැඩි මානසික ආතතියකින් පෙලී සිටි බවටත් දෙමාපියන් පැවසූ බවටද පොලීසියට අනාවරනය වී ඇත.

එමෙන්ම පාසල් සිසුවා විසින් ලියන ලද පිටු 7 කින් යුත් ලිපියක්ද සිසුවාගේ බෑගයේ තිබී හමු වී ඇති අතර එහි ඇත්තේ අදාල පරිඝණක ක්‍රීඩාවේදී තමන්ට ලැබෙන අභියෝගයන් සිදුකිරීමය. මේ හේතුවෙන් අදාල සිසුවාද තට්ටු ගොඩනැගිල්ලෙන් පැනීමට උත්සහ ගත්තේදැයි යන්න සැක සහති බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසර තුනකට පසු චීනය විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කරයි . . .

Tue Mar 14 , 2023
වසර තුනකට පෙර කොවිඩ් වසංගතය පැතිර යාමෙන් පසු චීනය ප්‍රථම වරට විදේශ සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ඇරඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ලිහිල් කිරීම පැමිණෙන්නේ චීන රජය වෛරසයට එරෙහි සටන ජයග්‍රහණය කළ බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සහ එරට ආර්ථිකයට හානි කළ ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගයෙන් ඉවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x