කොළඹට සැහැල්ලු දුම්රිය සේවයක් . . .

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරන්නේ, රාජ්‍ය සේවකයන් දහස් ගණනක් කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ඔවුන්ට සැහැල්ලු දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බවයි.

කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යෝජනා ලබාගැනීමට පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරනු ලැබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණු අතර මේ සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනයයි.

ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබුණා. නමුත් ඉකුත් සමයේදී මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරුණු අතර එලෙස ඉදිකිරීම් අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පසුගිය ජපාන නිල සංචාරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙසයි.

මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති. කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යෝජනා ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වර්ජනයෙන් සේවාවන් රැසක් අඩපණවේ . . .

Wed Mar 15 , 2023
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, විදුලි, සහ දුම්රිය ඇතුළු වෘත්තිය සමිති රැසක් අද (15) දිනයේ ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටතුළ සේවාවන් රැසක් සහ පාසල් සම්පූර්ණයෙන්ම අඩපණ විය. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු රැසකට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x