ටික්ටොක් යෙදුමෙහි හිමිකාරීත්වය දරණ චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සමාගමක් වන බයිට් ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරයි. අමෙරිකානු රජය පවසන්නේ එම චීන සමාගම ටික්ටොක් යෙදුම වෙනත් චීන නොවන සමාගමකට විකිණිය යුතු බවයි. එසේ නොකළහොත් ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු […]

කොටස් මිල පහත වැටීමෙන් අර්බුදයකට ලක්ව සිටින ස්විට්සර්ලන්තයේ ක්‍රෙඩිට් ස්විස් බැංකුව, ස්විස් මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 54ක ණය මුදලක් ලබාගැනීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි. බැංකුවේ ද්‍රවශීලතාව සම්බන්ධයෙන් මතුවූ මතභේදකාරී තත්ත්වය සමනය කිරීම එහි අපේක්ෂාව බව සඳහන්ය. ක්‍රෙඩිට් ස්විස් බැංකුවේ මූල්‍ය වාර්තාවේ දෝෂ කිහිපයක් හඳුනාගැනීමෙන් පසුව එහි කොටස් මිල […]

පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ […]

එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි. මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික්, ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය. මුහුදු මට්ටමින් මීටර් දහස් ගණනක් ඉහළින්, අධිල සීතල කාලගුණයක් පවතින එවරසට් හෙවත් හිමාල කන්ද වසර පුරා හිමෙන් වැසී පවතී. එවරස්ට් කන්ද […]

අනුරාධපුර හිටපු අටමස්ථානධිපති  පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි එකොලහකට අධික වටිනාකමැති අධි සුඛෝපභෝගි වාහන හතරක් අතරින් ජීප් රථයක මෝටර් රථයක සහ කැබ් රථයක අයිතිය වත්මන් අටමස්ථනාධිපති  පල්ලේගම හේමරතන හිමියන්ට හෝ අටමස්ථාන කාරක සභවට පවරන ලෙසත් හොන්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයේ අයිතිය පමණක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකුට […]

එළඹෙන පාසල් වාරය වෙනුවෙන් උසස් තත්ත්වයේ එස්.පී.සී. අභ්‍යාස පොත් මිල දී ගත හැකි ස්ථාන පිළිබඳව ලංකා සතොස නිවේදනයක් නිකුත් කර තිබේ. එහි අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් සදහන් කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් 48ක් මගින් අලෙවි කරන බවයි. එම […]

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන  මහාමාර්ග රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන්  මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි. ඊට අදාළ sltb.eseat.lk වෙබ් අඩවිය විවෘත කිරීම 1315 mobile app එක හදුන්වා දීම හා ප්‍රවේශ පත්‍ර  කවුළුව විවෘත කිරීම   රාජ්‍ය […]

සෞඛ්‍ය, ගුරු, විදුලිය, බැංකු, ජල, වරාය ඇතුළු වෘත්තීය සමිති 47කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (මාර්තු 15) සිදුකරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් සමස්ත දිවයිනේ ම සියලු ක්ෂේත්‍ර කඩාවැටුණු බව එම එකමුතුව සඳහන් කළේ ය. වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වීමට රජය තීරණය නොකිරීම හේතුවෙන් මෙලෙස […]

පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස්වීමකින් වූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක නිලධාරීන්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. පෙරේදා (14දා) සවස මෙම සිද්ධිය වී තිබේ. පෙරේදා සවස 7.00 […]

විදේශ ගතවීමේදී අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ට නිල කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙය රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටද මෙය අදාළ වේ. ඒ, අනුව එලෙස වියදම් කප්පාදු කිරීම මාර්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.