විෂබීජ පිරුණු එවරස්ට් කන්ද . . .

එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි. මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික්, ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය.

මුහුදු මට්ටමින් මීටර් දහස් ගණනක් ඉහළින්, අධිල සීතල කාලගුණයක් පවතින එවරසට් හෙවත් හිමාල කන්ද වසර පුරා හිමෙන් වැසී පවතී. එවරස්ට් කන්ද තරණයට යන කඳු නගින්නන් බොහෝ දෙනකු රෝගී වෙයි. කිවිසුම් යවයි. මෙම රෝගී පුද්ගලයන්ගේ විෂබීජ සියල්ල සීතල වාතාශ්‍රයේ විසිරී පැතිරී පවතී. මිනිසා ලෙඩ කරන වයිරස වර්ග බොහොමයක් හිමාල අඩවියේ සීතලේ තැන්පත් වී ඇතැයි විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර තිබේ.

ඊට අමතරව, වසර ගණනාවක් තිස්සේ එවරස්ට් තරණය කිරීමට ගොස් මියගිය කඳු නගින්නන්ගේ මළසිරුරු හිමේ මිහිදන් කර ඇති අතර, ඒවා තවමත් ඉතා හොඳින් සුරැකිව පවතී. මෙවැනි මළසිරුරු 200 ක් පමණ තිබේ. ඒවායේ ඇති විෂබීජ එවරස්ට් කන්දේ හිමවලටත් පස්වලටත් එක් වෙයි.

  • රොයිටර්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අප්‍රේල් 25 ඡන්දෙට ඉඩක් නැහැ . . .

Thu Mar 16 , 2023
පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවය. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x