වචන හුවමාරුව උණුසුම් වී මෛත්‍රිපාල මාරුවේ . . .

පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස්වීමකින් වූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක නිලධාරීන්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. පෙරේදා (14දා) සවස මෙම සිද්ධිය වී තිබේ.

පෙරේදා සවස 7.00 ට පමණ පැවති මෙම රැස්වීමේදී හිටපු ජනපතිවරයා අපේක්‍ෂකයන් ඇමතූ අතර ඒ අතරතුර නැගීසිටි ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ සංවිධායක අජිත් බස්නායක හිටපු ජනාපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇත. හිටපු ජනපතිවරයා නිසා පක්‍ෂය දෙකට තුනට කැඩී බිඳී ගිය බවත් තවදුරටත් පක්‍ෂය භේද කිරීම නැවැත්විය යුතු බවත් සංවිධායකවරයා සඳහන් කර ඇත. හදිසියේම පක්‍ෂයට වැඩ බලන ලේකම්වරයකු පත් කළ බවත් එමෙන්ම හබරාදුව හා රත්නපුර ආසනවලට සංවිධායකවරු පත් කළ බවද ඒ නිසා පක්‍ෂය තුළ නැවත බෙදීමක් ඇති වන බවත් හෙතෙම චෝදනා කර තිබේ.

අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා තමා පක්‍ෂය වෙනුවෙන් විශාල කැපවීම් සිදු කළ බවත් පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීමට විශාල සේවයක් සිදුකළ බවත් අදටත් තමාට නඩු 400කට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සිදුව ඇති බවත් සඳහන් කර ඇත.

එහිදී නැගී සිටි තවත් අපේක්‍ෂකයකු එම නඩු පක්‍ෂයට අදාළ නඩු නොවන බවත් පාස්කු ප්‍රහාරය ඇතුළු බාහිර සිද්ධීන් බවත් සඳහන් කර තිබේ. මෙහිදී හිටපු ජනපතිවරයා හා ඔහුට හිතවත් පිරිසත් ඊට විරුද්ධ පිරිසත් අතර ඇතිවූ වචන හුවමාරුව උණුසුම් වීමත් සමග හිටපු ජනපතිවරයාගේ ආරක්‍ෂකයන් විසින් ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

  • අරුණ බෝගහවත්ත
    Divaina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊයේ වර්ජනයෙන් මහජන සේවා ඇන හිටී . . .

Thu Mar 16 , 2023
සෞඛ්‍ය, ගුරු, විදුලිය, බැංකු, ජල, වරාය ඇතුළු වෘත්තීය සමිති 47කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (මාර්තු 15) සිදුකරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් සමස්ත දිවයිනේ ම සියලු ක්ෂේත්‍ර කඩාවැටුණු බව එම එකමුතුව සඳහන් කළේ ය. වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශීලී වීමට රජය තීරණය නොකිරීම හේතුවෙන් මෙලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x