දෙව්රම් වෙහෙරෙන් විවාහ මංගල උත්සව ශාලාවක් නොමිලේ . . .

විවාහ මංගල උත්සව සඳහා නොමිලේ ලබාදීම සඳහා විවාහ මංගල උත්සව ශාලාවක් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයේ ඉදි කර තිබේ. කොලොන්නාවේ සුමංගල නාහිමියන් සඳහන් කරන්නේ විවාහ උත්සව සිදු කරන පෝරුවේ චාරිත්‍ර සෙත් පිරිත් සජ්ඣායනා හා අනෙකුත් සිරිත් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් එම ශාලාව සමන්විත වන බවයි.

ආර්ථික ශක්තියක් නොමැති කම නිසා විවාහ උත්සව කල් දමා සිටින තරුණ තරුණියන්ට එම ශාලාව නොමිලේ ලබාදෙන බවද පැවසූ උන්වහන්සේ එහි ආසන 200 කින් සමන්විත බව ද සඳහන් කළහ. උත්සව ශාලාව නොමිලේ ලබාගෙන අමුත්තන් සඳහා ආහාර ලබා දීමට අපහසු නම් එම ආහාර පාන ද නොමිලේ ලබාදීමට තමන් වහන්සේ කටයුතු කරන බවත් සුමංගල හිමියෝ කියා සිටියහ.

විවාහ මංගල උත්සව සිදු කිරීමට අවශ්‍ය මුදල් ආධාර ලබාදීමට විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටින බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ. මෙම ශාලාව තුළ සරල සංගීතය භාවිත කිරීමට අවසර තිබෙන නමුත් මත් වතුර පානය සපුරා තහනම් බව ද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්-මහින්ද එකතු වෙලා කනවා . . .

Fri Mar 17 , 2023
රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජපක්ෂත් එක්ව රටට කෙළවන බව විජිත් විජිතමුනි සොයිසා පැවසීය. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළ කළේ මෙවන් අදහසකි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x