නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් අත්අඩංගුවට . . .

මන්නාරම සිලාවතුර සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 08 දෙනෙකු සහ  යාත්‍රා 02 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 814 ක් 14 වනදා අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් 114 වනදා සිලාවතුර මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රාවකින් ධීවරයින් තිදෙනෙකු විසින් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී දැල් ආම්පන්න යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් 580 ක් අල්ලා සිටියදී එම ධීවරයින් පිරිස හා කිමිදුම් උපකරණද සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

මේ අතර එදිනම උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වංකාලෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී ඩිංගි යාත්‍රාවකින් ධීවරයින් 05 දෙනෙකු විසින් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් 234 ක් අල්ලා සිටියදී නාවික හමුදා භාරයට පත්වීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වංකාලෙයි, සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 33ත් 54 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන්  සහ මුහුදු කූඩැල්ලන් සමග ධීවර යාත්‍රාද වැඩිදුර පරික්ෂණ කටුයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසු සාක්‍ෂරතාව පහලට . . .

Fri Mar 17 , 2023
පාසල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් පවා නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41 ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්නට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් ඉදිරිපත් නොවන ඛේදනීයත තත්වයකට අද මානව සමාජය පත් ව ඇති බවත් අධ්‍යාපන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x