සිසු සාක්‍ෂරතාව පහලට . . .

පාසල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් පවා නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41 ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්නට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් ඉදිරිපත් නොවන ඛේදනීයත තත්වයකට අද මානව සමාජය පත් ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

රටේ ආර්ථික ප්‍රශ්න සැමට පොදු බවත් විවිධ ආර්ථික දුෂ්කරතා මැද දරුවන් කුසගින්නේ නොතබා, උපකාරක පන්ති යවා වසර 13ක් අධ්‍යාපනය ලබා දුන් දෙමාපියන්ට සිය දරුවන් උසස් පෙළ විභාගය ලියා ජීවිතයේ හැරවුම් ලක්ෂයකට පිවිස සිටින අවස්ථාවේ ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා නොවීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදු ව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

විභාගයට පෙනී සිටි බොහෝ දරුවන්ට ද විදුලි එලිය නොමැති ව පාඩම් කරමින් කෑම බීම පවා නිසි ලෙස නොලබා ඉතා අපහසුවෙන් විභාගයට සූදානම් වීමට සිදු වූ කාලපරිච්ඡේදයක සමාජයේ අන් අයට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති බව වටහාගනිමින් මේ අවස්ථාවේ දී වෘත්තීය වගකීමටත් වඩා සමාජ වගකීම ඉටු කිරීමට මානුෂීය මුහුණුවරකින් බලා ගුරුවරුන් වග වීමෙන් බැඳී ක්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

වෘත්තීය වගකීම නිසි ලෙස ඉටු කරන ගුරුවරුන් අතර ම තමන් ද උගන්වන්නේ නැති ව අන් අයටත් උගන්වන්නට හා ඉගෙනගන්නට නොදෙන අය ද සිටින බව පැවසූ අමාත්‍යවරයා මේ පාසල් වැසීම සිදු වූයේ වෙනත් කොවිඩ් වැනි ව්‍යසනයක් නිසා හෝ රජය පාසල් වසා දැමීම හෝ නිවාඩු දීම නිසා හෝ නොවන බවත් වාර විභාගය පවා එක් දිනකින් හෝ කල් දමා ඇති බවත් එය ඉතා අයහපත් තත්වයක් බවත් පැවසී ය. දෙලක්ෂ පනස්දහක් පමණ වන සමස්ත ගුරුවරුන් අතරින් දෙලක්ෂය ඉක්මවූ බහුතර ගුරුවරියන්ගේ ද දරුවන් හෝ මුණුපුරන් පවා මෙම උසස් පෙළ විභාගයට වාඩි වී ඇති බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ, ගෝලීය වසංගත තත්වය හමුවේ ශිෂ්‍ය ප්‍රජාවගේ ඉගෙනුම් නිපුණතා මට්ටම අධ්‍යයනය කිරීමේ නියැදි සමීක්ෂණයේ තෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ සාක්ෂරතාව සහ ගණිත හැකියාව පිළිබඳ ව අධ්‍යයන වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පාසල් වැසී ඉන්ධන නොමැති ව පෝලිම් පැවති, විදුලිය කපා අඳුරේ සිටි යුගයක අධ්‍යාපන අමාත්‍යවරයා ව වැඩ භාරගෙන ඉතා කෙටිකලක් තුළ පාසල් දින පහේ ම විවෘත කර වසර තුනකින් නොපවත්වා තිබූ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් පවත්වා ක්‍රීඩා උත්සව ද පවත්වා ඉතා කැපවීමෙන් යුතු ව අභියෝග මධ්‍යයේ ක්‍රියා කරමින් පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් කළ බවයි.

මේ වන විට බිලියන 8ක වියදමින් පාසල් නිල ඇඳුම් ලබා දෙන බවත් මෙවර පෙළ පොත් මුද්‍රණය නොවන බව සමහරුන් කීව ද මීට මාස දෙකකට පෙර සිට ම පෙළපොත් බෙදා හරින බවත් පාසල් දිවා ආහාරය ද පෙරට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවකට ලබා දීමට යන බවත් අමාත්‍යවරයා මෙහි දී ම කියා සිටියේ ය.

– Media unit

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් ලංකාවේම සංවිධායකවරුන් කැඳවයි . . .

Fri Mar 17 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණි. මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු වූහ. පළාත් පාලන ඡන්දයට පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා 19 වනදායින් පළාත් පලාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x