මියගිය අයට සිම්පත් නිකුත් කිරීම තහනම් . . .

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා.

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ, මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට ලබා ගන්නා බවයි.

යම් පුද්ගලයකු මියගිය පසු අදාළ ජංගම දුරකථන අංකය විසන්ධි කරන ලෙසත්, ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම්පත් නිකුත් කිරීම තහනම් බවට ජංගම දුරකථන සේවා සපයන සමාගම්වලට දැනුම් දී ඇති බවද ඇය සඳහන් කරනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙරට අලෙවි කරන විදෙස් චොක්ලට් වටලයි . . .

Sat Mar 18 , 2023
නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදෙස් රටවල චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. මෙලෙස නීත්‍යානුකූල නොවන අන්දමින් ගෙන්වන චොකලට් සම්බන්ධයෙන් ජනතාව ද අවධානය යොමු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x