හිටපු අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවා ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා බවට අපේක්ෂා කරන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහුගේ සමාජ මාධ්‍යවල සටහනක් තබමින් එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත. මාධ්‍ය වාර්තා වලට සහ හිටපු ජනාධිපතිවරයා ලබාදෙන ප්‍රකාශය මත පදනම්ව […]

හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු සමග යතුරු පැදි එකොළහක් අද අලුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය කොට්ටාව ඇරැව්වල හා පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 – 30 අතර වයසේ පසුවන තරුණයන් එකොළොස් […]

මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි පවසා සිටියේ, ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවය. “ශ්‍රී […]

ඉහළ යන ජීවන වියදමට එරෙහිව කොටිකාවත්ත කොහිලවත්ත මංසන්ධියේදී පැවැති විරෝධතාවයකට විපක්ෂනායක සජිත් ප්‍රේමදාසද ඊයේ එක්ව සිටියේය. එස්.එම්. මරික්කාර් මෙය සංවිධාන කොට තිබිණ.

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් පිළිබඳ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම, ප්‍රචාරය කිරීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් කර ඇත. සිය දරුවා දුම්රියක අතහැර දමා යෑමේ සිද්ධියට සම්බන්ධ මව අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප්‍රශ්න කරන ආකාරය අදාළ වීඩියෝ දර්ශන […]

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නතර කර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. එහි නඩත්තු කටයුතු අප්‍රේල් මාසය දක්වා පැවැත්වේ. කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

තව දුරටත් වැඩ වර්ජන සිදු කරමින් රට තුල අත්‍යවශ්‍ය ඒවා බිඳවැටීමේ තත්වයක් ඇතිවුණොත් එම සේවා පවත්වාගෙන යාම සඳහා විදේශීය සමාගම් කැඳවීමට රජය සූදානමින් සිටින බව වාර්තා වනවා. වරාය වැනි සේවාවන් දිගින් දිගටම වැඩ වර්ජන මගින් අඩාල වුවහොත් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම් සමාගමක් ඒ සඳහා කැඳවීමට දැනටමත් සාකච්ඡා සිදු කර […]

රටක පාලනයට, නීතිය ආරක්ෂා කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය අත්‍යවශ්‍ය කරුණක් බැවින් මූලික අයිතිවාසිකම් නඩුවකට, වෙනත් අපරාධ නඩුවකට හෝ කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වූ පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධුරය සඳහා නොසුදුසු බවත් පොලිස්පතිවරයා ඇතුළු සෙසු මුලසුන දරන්නන්ගේ පත්වීම්ද ජනතා විශ්වාසය ගොඩනැගෙන පරිදි විදිවිදභාවයකින් යුතුව සිදු […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ,එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.