රටක පාලනයට, නීතිය ආරක්ෂා කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය අත්‍යවශ්‍ය කරුණක් බැවින් මූලික අයිතිවාසිකම් නඩුවකට, වෙනත් අපරාධ නඩුවකට හෝ කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වූ පොලිස් නිලධාරියෙකු පොලිස්පති ධුරය සඳහා නොසුදුසු බවත් පොලිස්පතිවරයා ඇතුළු සෙසු මුලසුන දරන්නන්ගේ පත්වීම්ද ජනතා විශ්වාසය ගොඩනැගෙන පරිදි විදිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියෙන් යොමු කරමින් අවධාරණය කර තිබේ.
යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයැයිද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා ආදර්ශමත් අයෙකු කෙරෙහි අවධානය යොමු කර හොඳම පත්කිරීම කරන්නැයිද ඉන් අවධාරණය කර ඇත.
“2023 මාර්තු 23 වන දින සිට පොලිස්පති තනතුර පුරප්පාඩු වීමට නියමිතය. එම තනතුරට හැකි හොඳම පත් කිරීම සිදු කිරීම ඉතා වැදගත් වේ. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස ඛාදනය වී ඇත. ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම මේ සියල්ල පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වී තිබේ. යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයි.” යනුවෙන්ද නීතිඥ සංගමය යැවූ ලිපියේ සඳහන් වේ.