පිටරටින් සේවකයින් ගෙන්නන්න රජයේ සූදානමක් . . .

තව දුරටත් වැඩ වර්ජන සිදු කරමින් රට තුල අත්‍යවශ්‍ය ඒවා බිඳවැටීමේ තත්වයක් ඇතිවුණොත් එම සේවා පවත්වාගෙන යාම සඳහා විදේශීය සමාගම් කැඳවීමට රජය සූදානමින් සිටින බව වාර්තා වනවා.

වරාය වැනි සේවාවන් දිගින් දිගටම වැඩ වර්ජන මගින් අඩාල වුවහොත් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම් සමාගමක් ඒ සඳහා කැඳවීමට දැනටමත් සාකච්ඡා සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

විදුලිබල, දුම්රිය වැඩවර්ජන නිසා ජනතාවට සිදුවන පීඩා අවම කිරීමට මෙම යෝජනා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

කෙසේවෙතත් මෙම සේවාවන් පවත්වාගෙන යාමට විදේශ සමාගම් කැඳවන්නේ නම් ඔවුනට හමුදා ආරක්ෂාව යටතේ සේවාවන් පවත්වාගෙන යාමට ද ඉඩ ලැබෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නොරොච්චෝල ජනන යන්ත්‍රයක් නතර කරයි . . .

Sun Mar 19 , 2023
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නතර කර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. එහි නඩත්තු කටයුතු අප්‍රේල් මාසය දක්වා පැවැත්වේ. කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x