ඉන්දියාවේ කොවිඩ් නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සංඛ්‍යාලේඛන මඟින් පසුගිය දින කිහිපය ඇතුළත එරට කොවිඩ් ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසු එරට වසංගත වෛද්‍ය අධ්‍යයන අංශ කිහිපයක් විසින් සොයා ගත් කරුණු මත මේ බව අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
නව කොවිඩ් ප්‍රභේදය XBB.1.16 ලෙස හඳුනාගෙන ඇති අතර, එය දැනටමත් ලොව රටවල් 12ක පමණ ව්‍යප්තවී ඇතැයි ද හෙළි වී තිබේ. අමෙරිකාව, සිංගප්පූරුව, බෘෘනායි බ්‍රිතාන්‍ය ඇතුළු රටවල දැනටමත් නව ප්‍රභේදය හිස ඔසවමින් තිබෙන බවට ද වාර්තා පළ වී තිබේ. එහි වර්ධන වේගය XBB.1.16 ප්‍රභේදයට වඩා 140%කින් වැඩි බවත් වාර්තා වේ. පසුගිය දින 6ක කාලය ඇතුළත ඉන්දියාවේ කර්ණාටක, මහාරාෂ්ට්‍ර, කේරල සහ ගුජරාටි ඇතුළු ප්‍රාන්ත ගණනාවකින් කොවිඩ් ආසාදිතයන් 4484ක් වාර්තා වී ඇතැයි ද, පසුගිය සති දෙකක කාලය ඇතුළත ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 281% කින් ඉහළ ගොස් ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.