ජන බලවේගයේ තවත් පන්දම් විරෝධයක් . . .

ජීවන වියදම දරා ගැනීමට නොහැකිව මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ගම්මානයේ පවුල් 70 කට ආසන්න පිරිසක් පෙරේදා (18) දින රාත්‍රියේ පන්දම් රැගෙන මහ පාරට බැස ආණ්ඩුව කෙරෙහි සිය අප්‍රසාදය පළකර සිටියහ.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා පවුල් 70 ට ආසන්න පිරිසක් සහ දුවා දරුවන් ද සහභාගි වූහ. විදුලි බිල, ඉන්ධන මිල සහ අත්‍යඅවශ්‍ය භාණ්ඩ මිල වත්මන් රජය විසින් වැඩි කළ ආකාරය තමන්ට කිසිසේත් දැරීමට නොහැකි බව විරෝධතාකරුවෝ එහිදී පැවැසූහ.

සිය දෛනික ආහාර වේලවත් සපුරා ගැනීමට නොහැකිව සිටින තමන් හට විශාල විදුලි බිලක් ගෙවීමට වීම මහත් පීඩාවක් බැවින් අහිංසක ජනතාව මතට බදු බර පටවා ඔවුන් සූරා නොකා විදුලි බිල නොගෙවා සිටින ඇමැතිවරුන්ගෙන් අයවිය යුතු විදුලි බිල්පත් වහා අයකර ගන්නා ලෙස ඔවුහු එහිදී වත්මන් රජයෙන් ඉල්ලා සිටියහ.

  • මැදවච්චිය – ගයාන් උතුරුමැද
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බණ්ඩාරවෙල නාය යාමෙන් 220 දෙනෙක් අවතැන් වෙති . . .

Mon Mar 20 , 2023
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල, ලියන්ගහවෙල, කබරගල ප්‍රදේශයේ ඊයේ (මාර්තු 19) දින රාත්‍රි 09.30 ට පමණ සිදුවූ නාය යාමෙන් පවුල් 62 කට අයත් පුද්ගලයන් 220ක් පමණ බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පොලිසිය සඳහන් කළේ, අවතැන් වූ පිරිස මේ වන විට තාවකාලිකව පුනාගල පහළ කොටසේ විද්‍යාලයේ රඳවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x