භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බවට IMF එකෙන් දැනුම්දීමක් . . .

ශ්‍රී ලංකාව තුළ දැනට පනවා ඇති භාණ්ඩ ආනයනය සීමා ක්‍රමයෙන් ඉවත් කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා. බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් තවදුරටත් සිදු කළ යුතු බවද ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා දැඩි බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අරමුදල කියා සිටී.

ශ්‍රී ලංකාව සඳහා වන ණය පැකේජය සඳහා අනුමැතිය ලැබීමෙන් පසු ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප‍්‍රබල බලපෑම් සහගත ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බවද ඇය සඳහන් කළා. සිඳීගිය විදේශ සංචිත, ඉහළ උද්ධමනය, අස්ථිර රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම මධ්‍ය මැද ශ්‍රී ලංකාව දැඩි අවදානමට මුහුණ දෙමින් සිටින බවද ඇය පෙන්වා දෙයි.

එම අර්බුදයෙන් ගොඩ ඒමට නම් ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරිත්වය සහිත විස්තීරණ ණය පහසුකම් සඳහා සහාය දක්වන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් ඇය කියා සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රිවීල් සොරකම් කර එන්ජිම් සහ චැසි අංකය වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක් . . .

Tue Mar 21 , 2023
දිවයින පුරා විවිධ ප්‍රදේශවලට ගොස් නිවාස වල සහ ප්‍රධාන මාර්ග අභියස ගාල් කර තිබෙන ත්‍රිරෝද රථ සොරකම් කර රැගෙන ගොස් එම ත්‍රිරෝද රථ වල එන්ජිම් අංකය සහ චැසි අංකය වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 10 ක් සමග අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x