සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැඩි තීරණයක් . . .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබේ. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ එහිදී සංගීත සන්දර්ශන, සැණකෙලි සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දි ඇති බවය.

මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව සඳහන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් . . .

Tue Mar 21 , 2023
අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය. ඒ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ය. එම ප්‍රකාශය පහතින්, “මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x