ගුරුවරුන්ට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් අද (22) පැවැත්වුණා. එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අතර ගැටුමක් ඇති වූ අතර අවසානයේ එම ගැටුමට අරගලකරුන් ද හවුල් විය.
එලෙස ගැටුම ආරම්භ වී ඇත්තේ මාධ්‍යවේදීන් පිරිසක් විසින් නිල නොලත් මාධ්‍යවේදියෙකුගේ අනන්‍යතාවය විමසීමේදීයි. මාධ්‍යවේදීන් විසින් ඇතිකරගත් මෙම ගැටුමට මැදි වූයේ, මාධ්‍යවේදීයෙක් යැයි කියාගත් ලාල් නැමති පුද්ගලයෙකි.
ඔහු සමාජ මාධ්‍ය තුළ විවිධ ඔහුගේ අනන්‍යතාවයක් ගොඩ නැගීමට උත්සහ දැරුව ද, නිල නොලත් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිට ඇති අතර අනෙක් මාධ්‍යවේදීන්ට බාධා කරමින් සහ අරගලරුවන්ට සහය දක්වමින් හැසිරී ඇති බවටයි වාර්තා වන්නේ. .