නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් සාලිය සමුගනී . . .

තමන් මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයේ නිල කාලය අවසන්ව ඉන් ඉවත්වීම පිළිබඳව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කෙටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තමන් එම ධුරයේ කටයුතු කිරීමේ දී සිය වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කරනවා.

“2021 වර්ෂයේ පෙබරවාරි මස 24 වැනි දින ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය හා බලාපොරොත්තුව සිත්හි රඳවා තබා ගනිමින් අපගේ වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට මම සෑමවිටම ඉමහත් පරිශ්‍රමයක් දැරීමි. මා ධුරයෙන් ඉවත් වන මේ අවස්ථාවේදී, ඔබගේ අපේක්ෂාවන්ට අනුකූලව මෙම ධුරයේ රාජකාරි ඉටු කිරීමට සමත් වූයේ යැයි විශ්වාස කරමි. ඔබ මා වෙත ලබා දුන් සහයෝගයත් සමඟින් මා නිරන්තරයෙන් ශක්තිමත් හා ධෛර්යමත්වීමි.

නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ සුභසාධනය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය සිදු කරන අතරවාරයේ දැයේ ජනතාවගේ විශ්වාසය පුබුදුවාලමින් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ශක්තිමත් හා ජවසම්පන්න ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැජඹෙනු ඇතැයි යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයවේ” යයි ඔහු සිය කෙටි නිවේදනයේ සඳහන් කරනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්තවේ . . .

Fri Mar 24 , 2023
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබේ. ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඔහු රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීය.      කෝපි කඩේ ටෙලිනාට්‍ය යේ ආරම්භක අවධියේ සිට සම්බන්ධවූ රංගන ශිල්පියෙකු වූ ඔහු මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයෙහි සිදු කළ ‘කට්ටඩි‘ චරිතය නිසා වඩාත් ප්‍රකට විය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x