බන්දුල ගුණවර්ධනට හූවක් . . .

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූවේ යැයි කියන පුද්ගලයකු පන්නා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින් යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබීණි. මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාවය දක්වමින් පලා ගොස් තිබේ. පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹා හූ හඩ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු , ආගමික උත්සවයකට බාධා කිරීම , ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩුගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් ඇතුළු නිලධාරීහු වැටලීම් සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

  • ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගංගානිගෙන් මැතිවරණ කොමිසමට දෝස් මුරයක් . . .

Sat Mar 25 , 2023
පළාත් පාලන මැතිවරණය කල් යැවීමේ වැරැද්ද තමාගේ පිට පැවරීම සඳහා මැතිවරණ කොමිසම ක්‍රියාකර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ  ‘දිවයින’ට පැවසුවාය. මුදල් ලේකම්ගෙන් මෙම මුදල් ප්‍රමාණය ඉල්ලිය යුත්තේ මැතිවරණ කොමිසම යැයි ද ඇය කීවාය. කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් නොඉල්ලා තමා වෙත එම වගකීම පැවරුවේ අදාළ මුදල නොලැබෙන නිසා විය හැකි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x