ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්ථාපනය කෙරුණු ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්‍යලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය, ( INTERNATIONAL TELECOMMUNICATION UNION ) කලාපයේ නවෝත්පාදන වල මූලාරම්භය ට, ශක්තිමත් ප්‍රවේශයක් ලබා දී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරයි.
රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ස්ථාපනය කෙරුනු ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කර්‍ය්ලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ගේ ආරාධනයකට අනුව මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ට, ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වීම ටද කාලය වෙන්කර තිබීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්‍යලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය, ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල් වල විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අංශය නියෝජනය කරමින් අමාත්‍ය වරු හා ආයතන ප්‍රධානීන් මෙන්ම එම ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගි වී සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියා සිටියේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්‍යලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උණුසුම් සුබපැතුම් එක්කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ,
” ඉන්දියාව අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයේදී ඉන්දීය රජය ලබා දුන් සහාය ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ වන විට ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවතීර්ණ වී සිටිනවා. විශේෂයෙන් “SL UNIQUE DI” ( SRILANKA UNIQUE DIGITAL IDENTITY PROJECT ) ව්‍යාපෘතිය ට ඉන්දියාවේ පූර්ණ සහාය ලැබී තිබෙනවා, ඒ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන වේගවත් වෙනවා. 2030 වන විට නවීන තාක්ෂණය පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකය ක් ගොඩ නැඟීම සඳහා සියළු මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එහි මුල් පියවර ක් ලෙස මේ වසරේ ඔක්තෝබර් මස සිට නොවැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනය ක් පැවැත්වෙනවා. ලෝක බැංකුවේ සහාය ඇතිව සිදුකරන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ට, සහභාගි වන ලෙස මම මෙතනට පැමිණ සිටින සියළු රටවල අමාත්‍ය වරුන් ට, විශේෂයෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහලේකම් ඇතුළු නිලධාරීන්ට ආරාධනය කර සිටිනවා. නවදිල්ලි නුවර ස්ථාපනය කළ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ කලාපීය කාර්‍යලය සහ නවෝත්පාදන මධ්‍යස්ථානය ගෝලීය වශයෙන් වැදගත් කමක් දරනවා. එය දකුණු ආසියානු කලාපයේ නවෝත්පාදන වල මූලාරම්භයක් මෙන්ම, ඩිජිටල්කරණය සමඟ වැඩිදියුණු කරන ලද නව සොයා ගැනීම් එළිදැක්වීමටද, මෙම මධ්‍යස්ථානය වැදගත් කේන්ද්‍රස්ථානයක් බව විශ්වාසයි. එය දකුණු ආසියාවේ තාක්ෂණික සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානය ක් ද වනවා. ” යැයිද කනක හේරත් කියා සිටියේ ය.
මෙම අවස්ථාවට ඉන්දීය දුම්රිය හා සන්නිවේදන, තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛශ්නව් , (Ashwini Vaishnaw) සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහලේකම් ඩොරින් බොග් බොග්ඩන් (Doreen Bogdan – Martin ) ඇතුළු එම සංගමයේ නියෝජිතයින් සහ දකුණු ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇමතිවරුන් සහ ආයතනය ප්‍රධානීහූ සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා ව නියෝජනය කරමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සමඟ තාක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් M.P.N.M වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් R.G.H.K රණතුංග සහභාගි වී සිටියහ. ජිනීවා නුවර මූලික කරගත් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය සාමාජික රටවල් 193 ක සහ, ජාත්‍යන්තර සමාගම් , කලාපීය සමාගම්, මෙන්ම විශ්ව විද්‍යාල , ඇතුළු සංවිධාන 900 කගේ සාමාකත්වයක් සහිතව ක්‍රියාත්මක වේ. මෙම ආයතනය ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයකි.
සිසිර විජේසිංහ
මාධ්‍ය ලේකම්