අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනාඩෝ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර මුදාගැනීමේ හා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ. එම ප්‍රාන්තයට අයත් රෝලින්ග්ෆෝක් නගරය සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මධ්‍යම රාත්‍රියේ ටොනාඩෝ තත්ත්වය හටගෙන තිබීම හේතුවෙන් බොහෝ පිරිසකට පූර්ව අනතුරු ඇඟවීම් නොලැබී ඇති බව වාර්තා වෙයි.