බීමතින් රිය පැදෙව්වොත් ඇප නෑ . . .

බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි. මෙම නව තීරණයත් සමඟ අත්අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාවක් පැවතිය ද එය ද අත්හිටුවා ඇති බව ද වාර්තා වෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සරසවි ඇඳුරෝ විරෝධයේ . . .

Mon Mar 27 , 2023
උපයනවිට බද්ද ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය. ‘උද්ධමනය අහස උසට වෘත්තිකයන් මහ පාරට’ සහ ‘රුහුණේ අත්තනෝමතික පාලනයට එරෙහි චෝදනා විමර්ශනය ස්වාධීන පරීක්‍ෂණ කමිටුවකට ඉඩ දෙනු’ ආදි විරෝධතා පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x