නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක් . . .

කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව නාවික හමුදා මාධ්‍ය අංශය ඊයේ (27) දහවල් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ ය.

ඒ පසුගිය දිනවල කච්චිතිවු දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ය. මිනිස් වාසයකින් තොර කච්චතිවු දූපතේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අනු කණ්ඩායම් ස්ථාපිත කර ඇති අතර නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉදිකර ඇති ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය රැකබලා ගැනීම ඔවුන් විසින් සිදුකරනු ඇත. එහිදී මෙම අනු කණ්ඩයේ රාජකාරි සිදුකරන බහුතර නාවිකයින් බෞද්ධාගමිකයින් වේ.

ඔවුන්ගේ වන්දනාමාන සඳහා අනු කණ්ඩයේ භට නිවෙස අසළ කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිල අඩු කෙරේ . . .

Wed Mar 29 , 2023
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගමේ ඉන්ධන මිල ද CPC ඉන්ධන මිලට සමගාමීව අඩු කර තිබෙන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.  ඒ අනුව , පෙට්ට්‍රල් ලීටරයක් රු. 60කින් (එහි නව මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x