පහර කෑ කාති උසාවි විනිසුරු රෝහලේ . . .

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ඔහුගේ ඥාතියෙකු තමන්ට පහර දුන් බව කියමින් පුත්තලම කාති උසාවිය විනිසුරුවරයෙකු රෝහල් ගත වී තිබේ.

මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට ද පැමිණිලි කරමින් කියා ඇත්තේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑනා තමාට අමානුෂික ලෙස පහර දුන් බවයි. විනිසුරු ධුරයේ වැඩ බාරගත් පසු ලැබුණු පණිවුඩයක් මත අලි සබ්රි රහීම් මුණ ගැසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදු කරන ලද බවද විනිසුරුවරයා පොලීසියට කරන ලද පැමිණිල්ලේ දැක්වෙයි.

‘කාති උසාවියේ උඹට ඕනේ විදිහට වැඩ කරන්න බෑ. මට වුවමනා ආකාරයට විය යුත්තේ’ යනුවෙන් මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බව ද හෙතෙම සඳහන් කරයි.

නමුත් මන්ත්‍රීවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ ඉකුත් දා තමන් හමුවීමට මෙම විනිසුරුවරයා පැමිණ සිටි නමුත් තමන් එම අවස්ථාවේ මළගෙදරක යා යුතුව තිබූ නිසා පසුව එන්නැයි දැනුම් දුන් පසු ඔහු යළි රාත්‍රියේ පැමිණි බවයි.

එසේ පැමිණි කාති විනිසුරුවරයා තමන්ට තර්ජනය කරමින් තමා අසුන්ගෙන සිටි පුටුව ද තල්ලු කර දැමූ අතර එම අවස්ථාවේ ඔහු නිවසින් පිටතට දැමූ නමුත් කිසිලෙසකින් පහර දීමක් නොකළ බව  සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ගේ නිවසට ගිනි තැබූ සැකකරු බන්ධනාගාරයට . . .

Tue Mar 28 , 2023
කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝගකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x