ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර බේකරි කර්මාන්තයට සුදුසු නොවන බව කීම බිල්ලෙක් මවා පෑමක් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය. ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන තෙක් මෙරට බේකරි හිමියන් මග බලා ගෙන සිටි බව ත් එය වැළැක්වීමට අතේ ඇඟිලි ගාණට සිටින කුහක කුකුළු ව්‍යාපාරිකයන් පිරිසක් කටයුතු කරන බව ද […]

අද (30) දහවල් වාර්තා වූ භූ චලනය පිළිබඳ අවදානමක් නොමැති වුවත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි. අද දහවල් 1.02 ට පමණ බේරුවල මුහුදේ කිලෝමීටර් 24ක් පමණ දුරින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජ්‍යෙෂ්ඨ භූකම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන සඳහන් කළේ,  “මෙම චලනය […]

දකුණු පිලිපීනයේ මගීන් රැගෙන යමින් සිටි යාත්‍රාවක ඇති වූ ගින්නකින් 31 දෙනෙකු දියේ ගිලී හෝ ගින්නට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දුන්නේ, අදාළ යාත්‍රාවේ ගමන් කරමින් සිටි පිරිසෙන් 230 දෙනෙකු මුදා ගෙන ඇති බව ය. Lady Mary Joy 3 නමැති එම මගී යාත්‍රාව […]

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණාත්මක සාධකයක් වී තිබූ පුලස්තිනී හෙවත් සාරා ජස්මින් මිය ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (29) නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලාත්මක තත්වයක් ඇතිවී තිබේ. මෙයට පෙර හෙළිවී තිබුණු සියලු කරුණු අනුව අදාළ ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදුකරන ලද බව […]

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. එතුමන්ට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින කිහිපයක සිට ශ්වසනය කිරීමේ දී යම් අපහසුතාවක් ඇති බව උන්වහන්සේගේ සමීපතමයන්ට දන්වා ඇති අතර මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට […]

යාල කැලයේ කලු දිවියකු සිටින බවට පළමු වරට වාර්තා වීමත් සමග මේ වනවිට විශාල පිරිසක් එම සතා දැක බලා ගැනීමට යාල ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඇතැම් අවස්ථාවල සෆාරි ජිප් රථ 100ත් 200ත් අතර ප්‍රමාණයක් එම සතා ගැවසෙන කලාපය වට කොට සිටින බව දැනගන්නට තිබේ. මෙම සතා තවමත් […]

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. එය රටක නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පවසන්නේ, ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. “මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම […]

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරීපත්ව සිටියි. මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයකි. චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.