පාප් වහන්සේ රෝහල්ගත කෙරේ . . .

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. එතුමන්ට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට ශ්වසනය කිරීමේ දී යම් අපහසුතාවක් ඇති බව උන්වහන්සේගේ සමීපතමයන්ට දන්වා ඇති අතර මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට උන්වහන්සේ රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කර තිබේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සමීපතමයින් සහ ආරක්ෂකයින් ද උන්වහන්සේ සමග රෝහලේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාප් වහන්සේගේ ඉක්මන් සුවය පතමින් යාඥා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රට වැසියන්ගෙන් ඉල්ලා තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් පාස්කු ප්‍රහාරයේ පරිච්ඡේදය නිමා කරයි . . .

Thu Mar 30 , 2023
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණාත්මක සාධකයක් වී තිබූ පුලස්තිනී හෙවත් සාරා ජස්මින් මිය ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (29) නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලාත්මක තත්වයක් ඇතිවී තිබේ. මෙයට පෙර හෙළිවී තිබුණු සියලු කරුණු අනුව අදාළ ප්‍රහාරය දේශපාලන අරමුණකින් සිදුකරන ලද බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x