චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට . . .

මිලියන 30ක මුදලක් වංචාකර මෙරටට පළාවිත් සැඟව සිටි චීන ජාතිකයන් 28 දෙනකු සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් 5 දෙනකු ද සිටින බව අලුත්ගම පොලීසිය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් සහ වටිනා ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත. මාස දෙකක පමණ කාලයකදී චීනයේ දී අන්තර්ජාලය ඔස්සේ එම මුදල් වංචාව සිදුකර ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය කළ දැනුම්දීමක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.

චීන තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයෙකු කැඳවා සැකකරුවන්ගෙන් සහ සැකකාරියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව අලුත්ගම පොලීසිය පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

EPF සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ ප්‍රමාදයක් . . .

Sun Apr 2 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුව මහා භාණ්ඩාගාරය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය නිසා සේවක අර්ථසාධක මුදල සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බවට මත පළවෙයි. රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වූ 42% ක පමණ ප්‍රමාණය සේවක අර්ථසාධක මුදලින් ලබා ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x