කළු කොඩි ප්‍රදර්ශනය කිරීම තහනම් කරයි . . .

රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ හා කාර්යමණ්ඩලයේ මානසික තත්ත්වය අයහපත් වනු ඇති බවයි. රට තුළ පවතින ආර්ථික තත්ත්වය මත රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ජීවිතය බේරා ගැනීමේ ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග බාධා වන බව නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යාංශය පෙන්වාදෙයි.

කෙසේ වෙතත් රජය විසින් ගන්න ලද මෙම පියවරට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නෙළුම් කුළුණ නිල් පැහැ ගැන්වේ . . .

Sun Apr 2 , 2023
අදට (02) යෙදී ඇති ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැයක කාලසීමාවක් නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. මෙවර ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ තේමාව වන්නේ පිළිගැනීම, තේරුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x