පාඨලී චම්පිකගෙන් අලුත් දේශපාලන පක්ෂයක් . . .

ලබන මාසයේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. එය එක්සත් ජනරජ පෙරමුණ ලෙස නම් කර ඇති බව ඔහු සදහන් කළේ ය.

ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,

“ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න. කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ. ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේ දී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ පෙරමුණ.” යනුවෙනී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එංගලන්තයේ උපන් මුල්ම ශ්‍රී ලාංකිකයා . . .

Sun Apr 2 , 2023
ලන්දේසි පාලන සමයේ සිටම බීරළු රේන්ද කර්මාන්තයත් ගාලු නගරයත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳීමකි. බීරළු රේන්ද ගෙතීමට ගාල්ලේ කාන්තාවන්ට ඇත්තේ සුවිශේෂී වූ හැකියාවකි. විශේෂයෙන්ම මාගාල්ලේ කාන්තාවන් දිගු කාලයක සිටම බීරළු රේන්ද කර්මාන්තය ප්‍රගුණ කළ අයවූහ. බීරළු රේන්ද කර්මාන්තය අපේ කතුන්ට හඳුන්වා දෙනු ලැබුවේ ලන්දේසි කාන්තාවන් විසිනි. ලන්දේසි පාලන සමයේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x