වෘත්තීය සමිති නායකයින්ගේ විරෝධතාවය . . .

කොටුව පොලීසිය ඉදිරිපත් කළ බී වාර්තාවකට අනුව කොටුව මහේස්ත්‍රාත් මගින් තහනම් නියෝගයක් ලබාදී තිබුණද වසන්ත සමරසිංහ, රවී කුමුදේශ් ඇතුළු වෘත්තීය සමිති නායකයින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.

ජනපීඩක ත්‍රස්ත පනත් අහෝසි කරනු!, ජාතික සම්පත් විකිනීම නවතනු!, උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබාදෙනු!, අසාධාරණ ජන පීඩක බදු ක්‍රමය අහෝසි කරනු! රාජ්‍ය මර්දනය වහා නවතනු! ආදී සටන් පාඨ රැසක් ප්‍රදර්ශනය කරමින් ඔවූහු මෙම විරෝධතාවයේ නිරත වූහ.

මේ සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති අතිමහත් බහුතරයකගේ නායකයින් සහ නියෝජිතයින් එක් වී සිටියහ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් නිවේදනයක් . . .

Tue Apr 4 , 2023
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 15.50%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 16.50%ක් ලෙසත් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x