බූරුමූණාට රැකවල් දුන් නීතිඥයාගෙන් ප්‍රශ්න කරයි . . .

“බූරුමූණා” නමැති පාතාල ප්‍රබලයාට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සහ ඔහුට රැකවරණය සලසා දුන් බව කියන නීතිඥවරයකුගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පෙරේදා (02 දා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ඇත.

මෙම නීතිඥවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර බූරුමූණා නමැති පාතාල මැරයාට පොලිසියෙන් බේරී සැඟවී සිටීමට ආධාර දුන් බවට චෝදනා එල්ලවී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී නීතිඥවරයා පවසා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින තම සේවාදායකයාගේ උපදෙස් මත තමන් බූරුමූණා නමැති පාතාල මැරයා මුණගැසී ඔහුට නීතිමය උපදෙස් ලබාදුන් බවයි.

පාතාල මැරයාට පොලිසිය වෙත භාරවෙන ලෙස තමන් උපදෙස් දුන් නමුත් ඔහු එය පිළිනොගත් බව ද නීතිඥවරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. අවසානයේදී තමන් මෙම අපරාධකරු අවිස්සාවේල්ල අධිකරණය වෙත භාරවීමට පිටත්කර යැවූ බවත් ඒ අවස්ථාවේ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බවත් නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බූරුමූණා ඩුබායි රාජ්‍යය වෙත පලායෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු පලාගොස් තිබිණි. මෙම පාතාල මැරයාට පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායෑමට උපකාර කළ චීවරධාරීන් දෙදෙනකු පසුව අත්අඩංගුවට ගෙන තිබිණි.

දින ගණනක් සැඟවී සිටි බූරුමූණා අධිකරණය වෙත භාරවීමට යමින් සිටියදී අවිස්සාවේල්ල පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

  • හේමන්ත රන්දුණු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන්ගේ ගෙවීම් තීරණයවේ . . .

Tue Apr 4 , 2023
අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල යෙදෙන පරීක්ෂකවරුනට දිනකට රුපියල් 2000/=ක අවම දීමනාවක් ලබාදීමට අනුමැතිය හිමිව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි. එසේම ඇගයීම් මධ්‍යස්ථානයේ දුර අනුව දිනකට රුපියල් 2,900ක දීමනාවක් ලබාදීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වල නිරතවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x