පිනට කල රූපවාහිනී වැඩසටහන් . . .

ගාස්තු අය කිරීමකින් තොරව වැඩසටහන් 80 ක්  විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී  අහිමිව ගොස්  ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. මෙම වැඩසටහන් වෙනුවෙන්   පැය 119 කට වැඩි ගුවන් කාලයක් වැය කර තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර රූපවාහිනී සංස්ථාවේ  ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්කර 8 ක පමණ ඉඩම  සහ ගොඩනැගිලි සංකීර්ණයේ නෛතික අයිතිය පවරාගෙන එහි වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත්  කිරීමට සංස්ථාව අපොහොසත්ව තිබූ බවද එහි සඳහන් වේ. එසේම රුපියල් හත් කෝටි අසූ හතර ලක්ෂයකට වැඩි මුදලක ණය ගැතියන් 153 දෙනකුට එරෙහිව  සංස්ථාව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.

ඉතාලිය සහ යුරෝපයේ මැදිරියක රූපවාහිනී නාලිකාවක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යෑමට රූපවාහිනී සංස්ථාව  රුපියල් තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමකට මුදල් අමාත්‍යාංශ එකඟතාවයෙන් තොරව ගෙවා තිබුණද 2015 වර්ෂයෙන් පසු එම කාර්යය සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබූ බව පවසන විගණන කාර්යාලය එම අත්තිකාරම  අයකරගැනීමට 2020 වර්ෂය  අවසානය දක්වා කටයුතු කර නොතිබූ බවද  සඳහන් කරයි.

මේ අතර රූපවාහිනි සංස්ථාවේ ස්ථිර තනතුරු පුරප්පාඩු එකසිය අසූ දෙකක් හා වැඩ බලන තනතුරු 28 ක් 2020  වර්ෂය අවසානය දක්වා පැවතුණු  බව විගණන  වාර්තාවේ දැක්වේ.

තවද සංස්ථාවේ සභාපතිවරයාට ගෙවිය යුතු දීමනාවට අමතරව පන් ලක්ෂ හතළිස් අට දහසක විශේෂ දීමනා හා වෙනත් දීමනා 2020 වර්ෂයේදී  ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය ප්‍රවාහන සහ ඉන්ධන දීමනාවට හිමිකම් නොමැති නිලධාරීන් අනු නව දෙනකුට   රුපියල් කෝටියකට ආසන්න මුදලක් දීමනා වශයෙන් ගෙවා තිබූ බවද සඳහන් කරයි.

  • සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෑම ගොවියකුටම QR ඛේතයක් . . .

Wed Apr 5 , 2023
2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික  අංශයට බාර දෙන බවත් ‍ ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන  බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. ඒ සඳහා සෑම ගොවියකුටම QR ඛේතයක්  ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x