අතුරුදන් වූ පළාත් සභා වාහන . . .

දැනට වසර හතක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් සභාවල වාහන දෙසිය හැත්තෑවක් පමණ මේ වන විට අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.

දැනට මෙම වාහන භාවිතා කරන්නේ කවුද කුමන රාජකාරියකටදැයි නිශ්චිත තොරතුරු නොමැති බව දන්වමින් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව විගණනයක් ඉල්ලා සිටීමට සූදානම් වෙයි.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට, රෝහල් ප්‍රධානින්ට වාහන නොමැති තත්ත්වයක් යටතේ මෙම කාරණය බරපතළ බව එම මන්ත්‍රී පිරිස කියා සිටිති.

පළාත් සභාවක මහ ඇමතිවරයාට වාහන හතරක් ද, සභාපතිවරයාට වාහන තුනක්ද, පළාත් සභා ඇමැතිවරුන් හතර දෙනෙකුට වාහන දෙක බැගින්ද සභා නායකට හා විපක්ෂ නායකට වාහනය බැගින් ද හිමි වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විල්පත්තුවේ ගස් කැපීමේ ජාවාරම . . .

Sat Apr 8 , 2023
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට අයත් කාලාඔය නිලබැම්ම ප්‍රදේශයේ දැවැන්ත ගස් කැපීමේ ජාවාරමක් සිදුව තිබේ. එම ප්‍රදේශයේ ගස් කැපීමේ නිරතව සිටි සැකකරුවන් 8 දෙනෙකු යන්ත්‍රසූත්‍ර තොගයක් සමග වනජීවී නිලධාරීන් විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු සහ රාජාංගන ප්‍රදේශයේ පදිංචිකරුවන් සිවු දෙනෙකි. වසර 300ක් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x