රේඩාර් පද්ධතියක් පිහිටුවීමට දෙවුන්දර තුඩුව ඉල්ලයි . . .

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

එසේ යෝජනා කළහොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

රේඩාර් පද්ධතිය පිහිටවූවොත් අන්දමන් සහ නිකොබාර් දූපත්  දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බවත් චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතුරුදන් වූ පළාත් සභා වාහන . . .

Sat Apr 8 , 2023
දැනට වසර හතක් තිස්සේ විසුරුවා හැර ඇති පළාත් සභාවල වාහන දෙසිය හැත්තෑවක් පමණ මේ වන විට අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි. දැනට මෙම වාහන භාවිතා කරන්නේ කවුද කුමන රාජකාරියකටදැයි නිශ්චිත තොරතුරු නොමැති බව දන්වමින් මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳව විගණනයක් ඉල්ලා සිටීමට සූදානම් වෙයි. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට, රෝහල් ප්‍රධානින්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x